||| ඉර නැගුම |||
ඉර නැගෙනු බලන්නට - සිත සිතා සිටි මෙමට
ඉඟි කලෙන් කලින් දා - නින්ද විත් නෙතු අගට
නැගෙන්නට මත්තෙන්ම - සඳ තරුද රෑ නුබට
පාවුනා වළාකුල් - ගැවසිගත් හීනයක
වළාකුළු මත ඉඳන් - අත වනා සමුගන්න
හැමෝටම ආදරෙන් - හාදු වැහි වස්සන්න
පුංචි තරු දිලි දිලී - දිලිසුනා ලස්සනට
නිවි නිවී සැලි සැලී - පහන් සිළු වගේ සොඳ
අමතකයි දකින්නට - ආව වග ඉර එළිය
නැවතිලා අතරමග - විඳින්නට සඳ එළිය
කිමිදිලා ගැඹුරටම - සඳ දියේ තරු ගිලුන
සොයනවා මම තවම - තනි තරුව ගිලිහිච්ච
පිබිදිලා හීනයෙන් - වෙලාවක ගිනිගත්ත
හොයනවා ඉර එලිය - දැකගන්න බැරුව ගිය
ගිනියමින් පිච්චිලා - අළුවෙලා වැටෙනකොට
හැඟෙනවා නුඹම බව - මගහැරුණු ඉර එළිය
~අමා~
Ha ha...kawru ganada me kiyanne............................
ReplyDeleteඉර ගැන හඳ ගැන තරු ගැන :D
Delete