Wednesday, June 22, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 1 ||


නුඹත් හරියට යමහලක් වගේමයි.  හිතන්නේවත් නැති වෙලාව පුපුරලා ගිහින් , මම පරිස්සමට බලාගත්තු හැමදෙයක්ම අළු කරලා දානවා පාවෙල් !! දන්නවද ?? ඊටත් වඩා මට පුදුම හිතෙන්නේ ඇයි කියලා ?? ඒ ඉතුරු වෙච්ච අළු වලින්ම ආයෙම ඉපදිලා කලින්ටත් වඩා ආදරෙන් නුඹ දිහාම මට බලන් ඉන්න පුළුවන් . ඔව් !! මම ෆීනික්ස් කිරිල්ලක් තමයි !! සීත කාලෙට හිම වලින් ඔළුව හිට වහගෙන නිදන් ඉන්න ගිනි කන්දක් වගේ කිසිම හැල හොල්මනක් නැතුව නුඹ  කල්පනා කරන්නේ මොනවද කියල හිතාගන්න එක මට දැන් අරුමයක් නෙවෙයි පාවෙල් !! මම දන්නවා.......නුඹ කල්පනා කරන්නේ මොනවද කියල මම දන්නවා !! ඇත්තෙන් පලා යන්න අමාරුයි පාවෙල්. අකමැත්තෙන් වුනත් දකින්න වෙන්නෙම ඇත්ත තමයි. නුඹ පස්සෙන්ම එලවාගෙන එන කේන්තිය නැති වෙන දවසක් ඒවි. එදාට මට නුඹව මගේ ආදරණිය යමහල වගේ නොපෙනේවි. ඒත් හැමෝම නුඹට එදාට ආදරය කරාවි.

~සාෂෙන්කා~



12 comments:

  1. අලුතෙන් කතාවක් හොයාගෙන කියවන්න ආස හිතෙන්නම ලියලා තියෙනවා..
    සමහර වචන වල තේරුම හිතාගන්න බැරි එක තමා එකම අවුල.. 😉😉

    ReplyDelete
    Replies
    1. තුති :-) ^_^ නම් පටලැවිල්ලක් ඇතිවීම සාමාන්‍යයි !!:D මොකද රුසියානු සාහිත්‍යය මුලින්ම පරිශීලනය කල කාලයේ මටත් නම් පටලැවිල්ල ඔය විදියටම තිබුනා. ඒත් මම වඩාත්ම ආදරය කරන්නෙත් ඒ නොදුටු චරිත වලටමයි !!

      Delete
  2. woow great... :) keep it up girl...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. I mean superb ;) just saw the mistake :)

    ReplyDelete