Wednesday, June 22, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 2 ||


වොල්ගාව නුඹට පෙනෙනවාද පාවෙල් ?? ඈ දැන් ඉස්සරටත් වඩා හැඩවෙලා !! බලන් ඉන්න ආස හිතෙනවා. නුඹට ඒ දිහා බලන්නවත් උවමනාවක් නැති හැටි !! නුඹ හරිම වෙනස් වෙලා පාවෙල්. ඉස්සර නම් පුංචි පිහාටුවක් පාවෙලා ආවත්  නුඹට ඒක හරි ලොකු දෙයක්. එත් දැන් ??? වටපිටේ බලන්න කොච්චර නම් ලස්සන දේවල් තියනවද පාව්කා !! එත් නුඹ ......අහස පොලව ගැටගහන්න තරම් බර කල්පනාවක. 

ඇසිපිය ගහන්නෙ නැතිනම් , ඇත්තමයි , මම හිතාවි නුඹ මැරිල ගිහින් කියල !!! නුඹ මට ඇහුන්කන් දෙන්නෙත් නැද්ද පාවෙල් ??? ඔව් !! මම ගිරවියක් වගේ කියවනවා තමයි , ඒ කියවන තරමට නුඹට ඒ හැම දෙයක්ම අහන් ඉන්නත් බැරුව ඇති. අහන් හිටියත් නුඹට මතක තියන් ඉන්න බෑ කියල මගේ මේ ගිරා මොලේට තේරෙනවා පාව්කා. එත් නුඹ ඔහොම දුවනවා බලන් ඉන්න එක මට කියන්න බැරි තරම් දුකක්. නුඹ දුවලා හති වැටෙද්දී, මම හති වැටෙන්නේ නුඹට දුවන්න එපා කියලා කෑ ගහල. අකමැත්තෙන් උනත් මට මෙතනින් නවතින්න වෙනවා පාවෙල්. මෙතනින් එහාට දුර මට තවත් දුවන්න බෑ . යන්න කලින් එකම එක සැරයක් හරි වොල්ගාව දිහා බලල යන්න. නුඹ යම හලක් වෙලා දවල අළු කරල දාපු ගොඩක් දේවල් වොල්ගාව එක්ක තාම ඇති. නුඹට ආයුබෝවන් !!

~සාෂෙන්කා~


5 comments:

  1. පාවෙල් චරිතය ගොඩක් සමීපයි .... ඒ නිසාදෝ මන්දා ඔබේ කතාව කියවන විට චරිතය ඇතුලාන්තයටම දැනෙන්නේ .... දිගටම ලියන්න ...

    ReplyDelete
    Replies
    1. තුති ඔබට !! :-) පාවෙල් චරිතය ගොඩ නැගෙන්නේ සැබෑ ජිවිතේ මම දකින එක්තරා පුද්ගල චරිතයක් ඇසුරින්. අපි දන්නා පාවෙල් (අම්මා නවකතාවේ) ඉතාම විශේෂ චරිතයක් වීමත් චරිතය ඇතුළාන්තයට දැනීමට හේතුවක් වෙන්න ඇති !!

      Delete
    2. අම්මා නවකතාවේ අප දකින පාවෙල් විවිධාකාර වූ ගුණාංග වලින් හෙබි චරිතයක් ... ඉදිරියේදී ඔබගේ පාවෙල් කිනම් ගුණාංග වලින් පිරුණු කෙනෙක්දෝ කියා අපට දැනගන්න ලැබෙයි ... පාවෙල් චරිතයේ විශේෂත්වය .. ඔබ ගැබ්බවූ ඒ අදුරු ස්වභාවයයි ...

      Delete
    3. පාව්කාගේ මුල් ස්වරුපය කතාවේ ඉදිරියට සාෂා තවත් විස්තර කරනවා. ඈ පාව්කාගේ වෙනස්වීම වඩාත් ඉස්මතු කර දක්වන නිසා පාව්කාගේ අඳුරු ස්වභාවය කියවන්නාට මහත් කුතුහලයක් ඇති කිරීමට සමත් වෙනවා. මේ අදහස ඔබ මෙන්ම මට තවත් කිහිප දෙනෙක්ම ඉදිරිපත් කළා. සාෂාට මෙන්ම කියවන ඔබටද පාව්කා විශේෂ වී ඇති හැඩයි !!

      ඔබේ අදහස් වලට තුති !! :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete