Wednesday, June 22, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 3 ||


"සාෂා, මේ ලෝකේ මොකක් වගේ කියලද ඔයාට හිතෙන්නේ ?" 

"මේ ලෝකෙ ? මට මොකුත් හිතෙන්නෙ නෑ පාවෙල් " 

මම හිනාව තද කරගෙන කිව්වා.  

"ඔය ගිරා මොලේට ඒවගේ දෙයක් වත් හිතෙනවනම් බැරිද ඉතින් !! "

 පාවෙල් බුම්මගෙන කිව්වා. 

ඒ නුඹ යමහලක් වෙන්න බොහොම ඉස්සර කතාවක් පාව්කා. හිටිහැටියෙම නුඹ බොහොම වෙනස් වෙන්න පටන් ගන්න හුඟක් ඉස්සර කාලෙක, හරියටම කිව්වොත් අපි පහල බාලාංශයේ ඉගෙන ගන්න කාලේ ඇතිවෙච්ච කතාබහක් ඒ . පොප්ලර් ගස් පේලිය පහුකරගෙන ගඟ පැත්තට ඉස්සරහට යනකොට හම්බෙන පොකුණට ගල් කැට විසි කරන ගමන් අපි කොච්චර නම් ලස්සන දේ කතා කරාද ?? ඒ එකක් වත් නුඹට මතක තියනවාද කියන එකත් මට දැන් සැකයි පාවෙල්. නුඹ ඒ තරමටම වෙනස් වෙලා. ඉස්සර නම් නුඹට පොකුණට නොයා එකම එක දවසක්වත් ඉන්න බෑ  නේද ?? 


කළු ඇඳගත්තු අසරුවෙක් නුඹේ හිත අස්සෙන් රිංගලා පාවෙල් !! නුඹේ හිත හැමදාටම කළුවර වෙලා. පුංචි කාලේ කියවපු පොතේ විදියටම සුදු අසරුවත් , රතු අසරුවත් යන්න කලින්ම නුඹේ හිත අස්සට කළු අසරුවා රිංගලා !!! අනේ පාවෙල් !!! මට බොහොම දුකයි , ඒත් දැන් සුදු අසරුවට යන්න බැරි තරමටම නුඹේ හිත කළුවර වෙලා කියල මට සහතිකයි . 


වේදනාව ගැන කතා කරන්න තරම්, අපි හැමෝම එඩිතර වෙන්නෙ නෑ පාව්කා .හැමදාම හිතේ හංගගෙන දුක් විඳිනවා. කියාගන්න දහසකුත් එකක් දේ හිතේ පුරවගෙන මුනිවත රකිනවා. අන්තිමට ඒ හැමදෙයක්ම කවද හරි දවසක අපිත් එක්කම පොලවට පස් වෙලා යනවා.මතකයෙන් නිදහස් වෙන්න බැරි උනත්,තිත්ත ඇත්තෙන් ගැලවෙන්න බැරි උනත්,සමහර පුංචි දේවල් වලින් අපි හිතනවාට වඩා දේවල් වෙනස් කරගන්න පුළුවන් පාවෙල් . සුදු අසරුවට එකම එක සැරයක් නුඹේ හිතට එන්න ඉඩ දෙන්න පාවෙල්. ඒ දවස එනකන් , සාෂා බලන් ඉන්නවා .



~සාෂෙන්කා~








2 comments:

  1. කළු ඇඳගත්තු අසරුවෙක් ... පාවෙල් චරිතය පුදුමාකාර ලෙස ව්‍යාකූලයි ...

    පොකුණට ගල් කැට විසි කරන ගමන් අපි කොච්චර නම් ලස්සන දේ කතා කරාද ...

    එවන් වූ සුන්දර මතකයන් කෙලෙස අමතක කරන්නද ... සැබැවින්ම පාවෙල්ගේ හිත කළුවර වෙලා ...

    ReplyDelete
    Replies
    1. ඔව් !! පාව්කා හරිම අමුතුයි !! මම සැබෑ ජීවිතයේදී දකින පාව්කාත් ඒ වගේමයි !! සුදු අසරුවෙක් එනකන් සාෂා තවමත් මග බලාගෙන !!

      Delete